දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට

දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට

ඉන්දියාවේ මුද්‍රණය කර නැවකින් මෙරටට ගෙනා ලේඛක දීපචෙල්වන් (Theepachelvan Piratheepan) ගේ පොත් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබා ගෙන ඇති බව ඔහු පවසයි.

එම කෘති ශ්‍රී ලංකාවේ ඒකීයත්වයට බාධාවක් යැයි රේගුව පවසන්නේ යැයි දීපචෙල්වන් කියා සිටියි.

ඔහුගේ කෘති සිංහලයට ද පරිවර්තනය වී ඇති අතර දකුණේ සාහිත්‍ය සමාජය ද ඔහු හඳුනති.

කෙසේවෙතත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ලබා ගැනීමෙන් පසුව පමණක් පොත් නිකුත් කරන බව රේගු දෙපාර්තමේන්තුව ලේඛකයාට දන්වා ඇත.

දෙමළ ජනතාවගේ ජීවිතය අරගලයක් සේම ඒ ගැන ලියා පළ කිරීමත් අරගලයක් බව පවසන දීපචෙල්වන් කෘති රචනා කරද්දී පවා මිලිටරි තාඩන පීඩනවලට මුහුණ දුන් බව අපට මතක ය.

ප්‍රකාශනයක දෘෂ්ටිවාදය ගැන විමසීමට පොලිසියට හෝ රේගුවකට ඇති හැකියාව කුමක් ද? විෂය සම්බන්ධයෙන් ඇති ප්‍රාමාණික බව අනුව එම හැකියාව අධිකරණයකට පවා තිබේ ද යන්න විවාදාපන්න ය.

ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් අප කවර කලෙක වුවත් පෙනී සිටිමු. විශේෂයෙන් පීඩිත දෙමළ ජනතාව ගේ ප්‍රකාශනය වෙනුවෙන් පෙනී සිටින්නටත් ඒ වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමටත් අප දෙවරක් නොසිතමු.

ලේඛක දීපචෙල්වන් මේ ගැන පෙර සංස්කෘතික ක්‍රියාකාරිකයෙක් ද වූ වත්මන් ඇමැතිවරයා වෙත ලිපියකින් දැනුම් දී ඇත. අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරින් මේ පිළිබඳ කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නේද යන්න පිලිබඳ අප අවධානය යොමු කළ යුතු ය.

මෙම අවස්ථාවේ පොත් තොගය නිදහස් කිරීම පමණක් නොසෑහෙන අතර මෙවැනි අබ්බ ගොබ්බ මැදිහත්වීම් නැවත සිදු නොවෙන ලෙස නෛතික කටයුතු සම්පාදනය වත්මන් රජයේ අත්හළ නොහැකි වගකීමකි.

ශක්තික සත්කුමාර, අහ්නාෆ් ජසීම් යන අය දඟ ගේ ලෑ ලෙසින් කිසිවෙකු නැවත ලේඛන හේතුවෙන් දඟ ගේ නොලෑ යුතු ය.

දීපචෙල්වන්ගේ ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමු!

661325539 122255559302085956 7377814801659799931 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න