පාස්කු දේව මෙහෙයන් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් !

පාස්කු දේව මෙහෙයන් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් !

පාස්කු දේව මෙහෙයන් පවත්වන කිතුණු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සියලුම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

තවද කිතුණු බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන තෝරාගෙන ඒවා වෙත ගොස් පාස්කු උත්සවය වෙනුවෙන් සිදුකරන දේවමෙහෙයන්ට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව පෞද්ගලිකවම සොයාබලන ලෙසටද එමගින් උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව එළඹෙන 29 වනදාට යෙදෙන මහ සිකුරාදා දිනයට සහ 31 වනදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් වෙනුවෙන් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද වාර්තා වෙයි .

මෙම ආරක්ෂක සැලැස්ම යටතේ දේව මෙහෙයන් ආරම්භ කිරිමට ප්‍රථමයෙන් එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරීක්ෂාවකට ලක් කිරීම, දේව මෙහෙයන් සඳහා පැමිණෙන පුද්ගලයින් හා ගමන් මළු පරීක්ෂාවකට ලකිරීමට අවශ්‍ය නම් පියතුමන්ලා සහ එම දේවස්ථානවල භාරකාර මණ්ඩල සමග සාකච්ඡා කොට ඒ සඳහා සුදුසු පරිදි ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කිරිමටද පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

මීට අමතරව මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය ත්‍රිවිධ හමුදා කඳවුරු භාර නිලධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ගේද සහාය ලබාගැනීමට ක්‍රියා කරන ලෙසටත් පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න