Language Switcher

V2025

113ක් නාවොත් ඇහින්දාස් ආණ්ඩුවක් ගැන අනුර කියයි !

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්‍ෂයට 113ක බහුතරයක් නොලැබුණහොත් පාර්ලිමේන්තුවේ සිටින වෙනත් එකඟවිය හැකි කණ්ඩායම් සමග එකතු වී ආණ්ඩුවක් පිහිටවන බව ජවිපෙ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඔහු කැනඩාවේ ටොරොන්ටෝහිදී පැවති ජන හමුවක් අතරතුර විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් ය.

ජනතාව විපක්ෂය නියෝජනය කිරීම සඳහා බලය ලබා දුනොහොත් විපක්ෂයේ අසුන් ගන්නා බවත් ආණ්ඩුවක් දෙන්න බලාපොරොත්තුවෙන් ඡන්දය ලබාදුනහොත් 113 ලැබී නැතිනම් එකඟ විය හැකි එකතු කරගත හැකි කණ්ඩායම එක් කරගෙන ආණ්ඩුවක් පිහිටුවන බවත් එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ කළේය.