කෝප් එකට විගණනයත් හරස් වෙයි

කෝප් එකට විගණනයත් හරස් වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) අභ්‍යන්තර විමර්ශන පවත්වන ආකාරය ඇතුළු එහි ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විගණන අංශ නිලධාරීහු දැඩි ලෙස විරෝධය පළ කරති.

මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමටද එම නිලධාරීහු බලාපොරොත්තුවෙන් සිටිති.

සාමාන්‍යයෙන් කෝප් කමිටුව විමර්ශන පැවැත්විය යුත්තේ විගණකාධිපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙන බවට ස්ථාවර නියෝගවල පැහැදිලිව සඳහන්වී ඇතත් කමිටුව දේශපාලන අරමුණු මුදුන් පමණවා ගැනීම සඳහා වෙනත් වෙනත් කාරණා සම්බන්ධයෙන්ද විමර්ශන කරන බව විගණන දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

කමිටුවේදී මන්ත්‍රීවරුන් වරින් වර නැගිට හෙළිදරව් කරන යම් යම් කරුණු පිළිබඳවද කෝප් කමිටුව විමර්ශන අරඹා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය කාලයේදීද එවැනි විමර්ශන ගණනාවක්ම පැවැත්වුණු බව ඔවුහු චෝදනා කරති.

www.lankadeepa.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න