මුලින්ම තියෙන්නේ ජනාධිපතිවරණය : ජනපති කැබිනට් මණ්ඩලයට පවසයි !

 මුලින්ම තියෙන්නේ ජනාධිපතිවරණය : ජනපති කැබිනට් මණ්ඩලයට පවසයි !

පළමුව පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

පළමුව පැවැත්වෙන්නේ මහ මැතිවරණයද? ජනාධිපතිවරණයද? යන්න පිළිබඳව පවතින විවිධ මතවාද සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ කොළඹදී කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ ය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන හෙයින් ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවද එහිදී ජනාධිපතිවරයා පවසා ඇති අතර එබැවින් ජනපතිවරණය වෙනුවෙන් සූදානම් වන ලෙසද පවසා තිබේ.

කෙසේ වුවත් පසුගිය දින වල පොදුජන පෙරමුණේ නායකයන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ මෙන්ම නාමල් රාජපක්ෂ පවසා තිබුණේ පළමුව මහ මැතිවරණයක් පැවැත්වීම සුදුසු බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න