සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය විසින් හෙට (19) ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය දින 07 ක කාලකට අත්හිටුවීමට තීරණය කළ බව එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ගේ ඉල්ලීමට අනුව අදාළ පියවර ගත් බවද ඔහු සඳහන් කරයි.
අදාළ ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ගේ අත්සනින් ලිඛිතව සිදුකර ඇති බ්වද ඔහු පැවසීය .
අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කිරීමට නියමිතව තිබුණේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය වෘත්තීය සම්ති සන්ධානය ඒකාබද්ධව සකස් කරන ලද තාක්ෂණික වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාර ප්‍රමාද වීම හේතුවෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
