කතානායක ආන්දෝලනාත්මක අනාවරණයකට සැරසෙයි !

කතානායක ආන්දෝලනාත්මක අනාවරණයකට සැරසෙයි !

එළැඹෙන 20වනදා විශ්වාසභංගයක් සඳහා මුහුණ දීමට නියමිතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එදින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙන වාර්තා වෙයි.

එහිදී පසුගිය අරගල සමයේදී ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනාධිපති ධුරය ලබා ගන්නයි තමන්ට බලකළ දේශපාලඥයන් සම්බන්ධයෙන් හෙළි කිරීමට කටයුතු කරනු ඇති බවද කථානායක මාධ්‍ය ලේකම්වරයා මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත .

ස්ථාවර නියෝග අනුව කථානායකවරයාට එම විවාදයට සහභාගි විය නොහැකි නිසා විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම හෙළිදරව්වන් කිරීමට තීරණය කර ඇති බව ද ඔහු පවසා ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහි විශ්වාසභංගය විපක්ෂය විසින් ගෙනවිත් ඇති අතර ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය හෙට (19) සහ අනිද්දා (20) පැවැත්වීමට නියමිතව ඇත. 20 වනදා විවාදය අවසන් වීමෙන් පසුව විශ්වාසභංගය ට අදාළ ජන්ද විමසීම සිදුකිරීමට නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න