ප්‍රදේශ රැසක මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළට

ප්‍රදේශ රැසක මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළට

බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසක මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

තම නිලධාරීන් දීප ව්‍යාපත්ව කළ සමීක්ෂණවලදී මෙම කරුණු අනාවරණ වූ බව එම සංගමයේ සභාපති නජිත් සුමනසේන පැවසීය.

මදුරු කීට ඝණත්වය මැන බලන බිටෝ දර්ශකයේ අගය බොහෝ ප්‍රදේශවල ඒකක 20 ඉක්මවන බවද ඔහු සඳහන් කළේ ය.

නජිත් සුමනසේන  අවධාරණය කළේ, ඩෙංගු මදුරුවන්ගේ ගහනය පාලනය සඳහා බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වුව ද ඒවා අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වී නොමැති බවයි.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 30,000 ඉක්මවයි. ඉන් 50% ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් ය.

ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා ජනතාවට ඇත්තේ විශාල කාර්ය භාරයකි.

තම අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කළ හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න