Image

ජනපති සහ පොල් සහ ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර හමුවක්

ජනපති සහ පොල් සහ ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර හමුවක්

පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ පොල් සහ ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.

WhatsApp Image 2026 06 27 at 3.55.29 AM 3

 

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීම වෙනුවෙන් රජයෙන් ලබා දිය යුතු ඕනෑම ආකාරයක දිරිගැන්වීමක් ලබා දීමට අපේක්ෂා කරන බව මෙහි දී ජනාධිපතිවරයා පැවසී ය. උතුරේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය දිරි ගැන්වීම් සිදු කරන බවත්, එහි දී පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට අදාළ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා රජයේ උපරිම සහාය ලබා දෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

WhatsApp Image 2026 06 27 at 3.55.29 AM 6

දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගනිමින් අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම විධිමත් කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, දේශීය සැපයුම් දාම නගා සිටුවමින් අපනයනය මූලික කර ගත් නිෂ්පාදන ආර්ථිකයක් ලෙස මෙරට ආර්ථිකය ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න