සියලු ම රාජ්‍ය සේවකයන් සඳුදා (මැයි 15) සිට සේවයට පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කර ඇති බව රාජ්‍ය පරිපාලන ලේකම්, රංජිත් අශෝක පැවසීය.
මීට අදාළ වන චක්‍රලේඛය නිකුත් කළ බව ලේකම්වරයා සඳහන් කළේ ය.
ඒ අනුව, 2021.10.01 දිනැති 02/2021 (ම) හි 07 ඡේදයේ විධිවිධාන අද සිට ක්‍රියාත්මක කෙරෙන බව අදාළ චක්‍රලේඛයෙහි සඳහන් වෙයි.
එම චක්‍රලේඛයේ විධිවිධානයන්ට අනුකූලව කටයුතු කිරීමට සියලුම ආයතන ප්‍රධානීන් විසින් වගබලා ගත යුතු බව ද එහි දක්වා තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය යොමු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
