Image

අධිකරණ විනිසුරුවරුන් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳ දිනන දකුණ සාමූහිකය විරෝධය දක්වති

අධිකරණ විනිසුරුවරුන් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳ දිනන දකුණ සාමූහිකය විරෝධය දක්වති

බලතල බෙදීමේ මූලධර්මයට ගරු කරන ලෙසත්, පහළ අධිකරණවල පරිපාලනමය ගැටලු ඉහළ අධිකරණවලට විනිසුරන් උසස් කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම්වලින්, වහාම වෙන් කරන ලෙසත් දිනන දකුණ සාමූහිකය රජයෙන් ඉල්ලා සිටියි.

ඔවුන් මෙම ඉල්ලීම පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා විනිසුරුවන් පත්කිරීම විධායකය විසින් ප්‍රමාද කිරීමට අදාළව ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ සිදුකළ ප්‍රකාශය රටේ පවතින නීතියේ ආධිපත්‍යට පටහැනි බවත්, අධිකරණයේ ස්වාධීනත්වය රඳා පවතින්නේ විනිසුරුවරයකුට තීන්දුවක් ලිවීමේ දී ඇති නිදහස මත පමණක් නොව, ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පාලනය කරන ආයතනික රාමුවේ පවතින විනිවිදභාවය සහ අඛණ්ඩතාවය මත යැයි ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ දිනන දකුණ සාමූහිකය මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න