චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරුන් එංගලන්ත සංචාරයක නිරතවන්නේ ඔවුන්ගේ පෞද්ගලික වුවමනාවන් මත බව එස්.බී දිසානායක මන්ත්‍රීවරයා පවසයි.
ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා ඔවුන් එංගලන්තය බලා පිටත්ව ගිය බවට පළ වන වාර්තා පදනම් විරහිත බවත් ඔහු ප්‍රකාශ කරයි.
ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.බී දිසානායක හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
අපිට කිව්වේ ජනාධිපතිව හමුවෙන කතාවක් - ශ්‍රීලනිප 16 කණ්ඩායමේ ප්‍රකාශකයෙක්
කෙසේ වුවත් ශ්‍රීලනිප 16 කණ්ඩායමේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ චන්දිම වීරක්කොඩි , ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් වසන්ත පෞද්ගලික කටයුතු සඳහා ද සහභාගී වුවත් ජනාධිපතිවරයා හමුවීම ඔවුන්ගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වූ බවය.
එසේම බ්‍රිතාන්‍ය සංචාරය සඳහා පිටත්ව යාමේදී ඔවුන් මේ බව සඳහන් කළ බවත් ඒ ගැන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශවද දැනුවත් අතර එම ප්‍රකාශකයා සඳහන් කර සිටි අතර ඊට කඩිනමින් වීසා ලබා ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය සහය දුන් බවද වාර්තාවී ඇති බවත් ඔහු පැවසීය.
ජනාධිපති ආරාධනා කළේ නෑ - ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග
මේ අතර ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ මන්ත්‍රීවරුන්ට බ්‍රිතාන්‍ය වෙත පැමිණ තමන් හමුවන ලෙස ජනාධිපතිවරයා ආරාධනා නොකළ බවත් දැනුවත් ආකාරයට ඔවුන් පෞද්ගලික සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යට ගොස් සිටින බවත්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
