මිනිස්සුන්ට ඕන රටක් මිසක් කෑම බීම නෙවෙයි - ගැටඹේ සාදුගෙන් මරු බණක්

මිනිස්සුන්ට ඕන රටක් මිසක් කෑම බීම නෙවෙයි - ගැටඹේ සාදුගෙන් මරු බණක්

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යයි බන්දුල ගුණවර්ධන සදහන් කරන්නේ ඔහුට කුමක් හෝ අසනීපයක් හැදීගෙන එන්නේදැයි" ගැටඹේ රජෝපවනරාම විහාරාධිපති කැප්පෙටිවල සිරිවිමල හිමි විමසා ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයා නුවර ගැටඹේ රජෝපවනරාම විහාරාධිපති කැප්පෙටිවල සිරිවිමල හිමි හමුවූ අවස්ථාවේ උන්වහන්සේ මෙසේ විමසා ඇත.

එහිදී උන්වහන්සේ විධායක ජනාධිපතිධුරයේ වැදගත්කම දක්වමින් කරුණු දක්වා ඇති අතර එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය යනු එක් මතයක් ඇති පිරිසක් නොවන බවත් සමරුන්ට වචනයක් පිටවුනොත් හැමෝටම ගහන බවත් හිටපු ජනාධිපතිවරයා ඊට ප‍්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත.

විධායකය අහෝසි කරන්න ඒකාබද්ධ විපක්ෂයේ අවසන් තීරණයක් නෑ

එසේම ඒකාබද්ධ විපක්ෂය විධායක ජනාධිපතිධුරය සම්බන්ධව අවසන් තීරණයක් ගෙන නොමැති බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එහිදී විවිධ තීන්දු ගැනීම හේතුවෙන් රට අගාධයට යන බවත් මිනිසුන්ට අවශ්‍ය කන්න හෝ බොන්න නොව මිනිසුන්ට අවශ්‍ය රටක් පමණක් බවද එහිදී සිරිවිමල හිමි සඳහන් කර ඇත. කෙසේ වුවත් හිටපු ජනාධිපතිවරයා නුවර ගැටඹේ රජෝපවනරාම විහාරාධිපති කැප්පෙටිවල සිරිවිමල හිමි හමුවූ අවස්ථාවේ විධායක ජනාධිපතිධුරය සම්බන්ධව තම අදහස පළකර නොමැත.

විධායකය අහෝසි කරන්න මමත් කැමතියි - හිටපු ජනපති මහින්ද

එහෙත් මහනුවර සිදුකල සංචාරය තුළ මාධ්‍ය අමතමින් විධායක ජනාධිපති ධුරයට තමන්ද විරුද්ධ බව හිටපු ජනාධිපතිවරයා පවසා ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධව කතා කිරීමේදී තමන් පරිස්සම් වන බවත් ඒ තමන් එසේ පවසන්නේ නැවත විධායක ජනාධිපතිධුරය සඳහා තරග කිරීමට නොහැකිවීම නිසා බවට චෝදනා නගන්නට ඉඩ ඇති නිසා බවද ඔහු සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න