දින සීයයෙන් රටේ ආර්ථිකය ගොඩනගලා පෙන්වනවා : රවී කියයි

දින සීයයෙන් රටේ ආර්ථිකය ගොඩනගලා පෙන්වනවා : රවී කියයි

දින සියයෙන් තමන් රටේ ආර්ථිකය, ගොඩනගන බවත් , ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් සමඟ එම අභියෝගයට මුහුණ දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර සිටියේ ඊයේ (20) තොටළඟ එජාප කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්ය.

උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කර සිටියේ ජනතාව පීඩාවට පත්කිරීමේ අනවශ්‍ය බදු පැනවීම් වලට තමා තරයේ විරෝධය දක්වන බවත් මේ වන විට රත්රං සඳහා පනවා ඇති, 15% බදු පැන වීම අනවශ්‍ය දෙයක් වන බවත්ය.
.
එසේම ආණ්ඩු වෙනස් වුවත් දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වයන්ට රට මුහුණ දෙන බවත් දක්ෂතා ඇති පුද්ගලයන් සඳහා නිසි තැනක් නොලැබීම නිසා ආර්ථික ව්‍යාකුලත්වය උත්සන්නව ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා,

"අපි කව්රුත් දන්නව පෙරහර ගත්තහම ඒකෙ ප්‍රමුඛත්වය දෙන්නේ කරඬුව වඩම්ම වන හස්තියාට, ඒ හස්තියා ගමන් ගන්නෙ ඒ සඳහා විශේෂයෙන් සකස් කළ පාවඩ මතින්, ඊලඟට ඒ ඒ දේවාල වල නිලමේවරුන්, ගමන් ගන්නා අලි, ඇතුන්, අද වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. කොහෙවත් ඉන්න පන්දම් කාරයෝ, අලි පැටවුන්, රබන් කාරයෝ, බොරු කකුල් කාරයෝ තමා පෙරහරේ ඉදිරියෙන් යන්නේ. රටේ වත්මන් තත්ත්වයත් මෙවගේ තමා. අතිගරු ජනාධිපති තුමාත්, ගරු අගමැති තුමාත් රටේ ආර්ථිකය හදන්න දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක, ඒ ගමනට බාධා කරන දෙතුන් දෙනෙක් ඉන්නව. ඒක අපේ නායකයින් දෙපළ අවබෝධ කරගෙන ඇතිබව මම හිතනවා."

මෙම අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ එජාප මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න