වවනවා නම් කංසත් : නියම භෝගයක්

වවනවා නම් කංසත් : නියම භෝගයක්

පොහොර සහනාධාරයකින් ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය නගා සිටුවිය නොහැකි නිසා කෘෂි ආර්ථිකය නගා සිටුවීමට වානිජමය වටිනාකමක් සහිත නව වානිජ බෝග ගොවීන් වෙත හදුන්වා දිය යුතු ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කරන අතර කංසා යනු එවැනි විශාල වානිජමය වටිනාකමක් සහිත ශාකයක් බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

ශ්‍රී ලංකාවේ වගා කෙරෙන සෙසු වානිජ බෝගවලට වඩා වැඩි ලාභයක් කංසා වගාවෙන් උපයා ගත හැකි බවත් එසේම කංසා ශාකය අඩු පිරිවැයකින් වැඩි අස්වැන්නක් ලබාදෙන්නක් බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

එසේම උසස් තත්වයේ රෙදිපිලි සහ ස්භාවික කඩදාසි නිෂ්පාදනයට කංසා යොදා ගැනෙන අතර කංසා වගාව නීති ගත කිරීමෙන් නව කර්මාන්ත ශාලා බිහිවීමට සහ නව රැකියා අවස්ථා ඇතිවීමට වැඩි ඉඩක් පවතින බවත් එමෙන්ම කාංසා ශාකයෙන් නිපදවන ජෛව ඉන්ධන හා ජෛව ප්ලාස්ටික් පාරිසරික ගැටලු රැසකට විසදුමක් බවද අදාළ නිවේදනයේ දක්වා ඇත,

එබැවින් වානිජ බෝගයක් ලෙස කංසා වගාව නීතිගත කිරීම ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට ඉවහල් වන බවද එහි දැක්වේ.

ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

බෙහෙත් නිෂ්පාදයට කංසා විශාල වශයෙන් යොදා ගනී. බටහිර රටවල් මෙන්ම අසල්වැසි ඉන්දියාවද කංසා යොදාගෙන බෙහෙත් නිපදවා විශාල වශයෙන් මුදල් උපයති. කංසා වගා කොට බෙහෙත් නිෂ්පාදනයට අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට විශාල විදෙස් විනිමයක් උපයා ගත හැකිය.

දැනට ක්‍රියාත්මක නීතියට අනුව කංසා වගාව අපරාධමය වරදකි. එම නීති සංශෝධනය කොට වානිජ බෝගයක් ලෙස කංසා වගාව නීතිගත කිරීමෙන් රජයට විශාල මුදලක් උපයා ගත හැකිය. ඊට නව නීති සම්පාදනය කොට වගා බලපත්‍ර‍ නිකුත් කරන ක්‍ර‍මයක් ස්ථාපිත කරන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න