ආණ්ඩුවේ හිටපු යක්කු, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ සේරම ගියා - මරික්කාර්

ආණ්ඩුවේ හිටපු යක්කු, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ සේරම ගියා - මරික්කාර්

සම්මුති ආණ්ඩුවේ ආණ්ඩුව ආරම්භයේදී සිටි යක්කු, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ සියල්ල ඉවත් ව ගොස් ඇති බැවින් තම පක්ෂයට ජනාධිපතිතුමා සමඟ එකතුවී ජනවාරි 08 ලබාගත් ජනවරමේ පොරොන්දු ඉටුකිරීම වෙනුවෙන් පිළිවෙලකට වැඩකිරීමට අවස්ථාව උදාවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සඳහන් කරයි.

කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරීමට හේතු වුයේ ආණ්ඩුවේ සිටි කකුල් මාට්ටු කාරයන් ඞීල් දමමින් වැඩ කරගන්න නොදුන් නිසා බවත් නමුත් දැන් ඉදිරි අවුරුදු එකහමාරක කාලය වැඩ කිරීමට අවස්ථාව තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා,

පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ජයග‍්‍රහණයක් ලබාගත්තා යැයි කියලා නිකං ආණ්ඩු බලය පිහිටුවා ගත්තා වාගේ එකක් සමරන්න උත්සාහ කරනවා. හැබැයි ගත්තේ 39% දශම ගානයි ඡන්ද. ඒ නිසා තමයි පොහොට්ටුව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ඉල්ලගෙන කෑවේ. ඊට පස්සේ ඒ අයට දැන් අලුත්ම කතාව තමයි තව අවුරුදු 2කට වඩා තියෙන පාර්ලිමේන්තුව විසුරුවන එක. නමුත් පාර්ලිමේන්තුව විසුරුවන්න අවුරුදු දෙකහමාරක් තියනවා. 2020 අගෝස්තු මාසේ 17 වෙනිදා තමයි පාර්ලිමේන්තුවේ කාලය ඉවර වෙන්නේ.

ඒ එක්කම මේ පළාත් පාලන ඡන්දයක් දින්නා විතරයි මහාරාජා යලි රජවෙලා තමන්ට වඩා වයසින් වැඩි අය මහින්ද මහත්තයාටයි ශිරන්ති නෝනාටයි වඳීනවා. මොන සමාජයක් ද මේ ගිහින් අලුත් අවුරුද්දට වඳීනවා. වැඩිහිටියෝ වඳීන්නේ පන්සලේ හාමුදුරුවන්ට විතරයි වයස් භේදය බලන්නේ නැතුව. මේ අවුරුදු අසූවක් වෙන අය අවුරුදු 70ක් වෙන කට්ටියට වඳීන්නේ නෑනේ කොහේවත්. ඉතිං ඒ නිසා මේ එන්නේ අර පහුගිය පාලන කාලයේ හොල්මන් යුගය, ඒක ජනතාවට පේනවා යැයි ද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න