තිලංගගේ සළුපට අහසට : ක්‍රිකට් අක්‍රමිකතා ගැන හෙළිකරන්න රංජන් සුදානම්

තිලංගගේ සළුපට අහසට : ක්‍රිකට් අක්‍රමිකතා ගැන හෙළිකරන්න රංජන් සුදානම්

තරග පාවාදීම , සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් ඇමතිවරුන්ට නිවාස ලබාදීම ඇතුළුව පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් හී සිදුව ඇති දුෂණ හා වංචා හෙළිකිරීමට තමන් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සඳහන් කරයි.

 ඊයේ  (18) මාධ්‍ය අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පවසා ඇති අතර ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති වංචා හමුවේ බැඳුම්කර ගනුදෙනුව මොකක්ද කියා සිතෙන බවද ඔහු සඳහන් කර ඇත.

 එසේම ක්‍රිකට් ආයතනය සතු ඩොලර් ලක්ෂ ගණනක ආදායම් අයතා ලෙස ගැනීම, සිම්බාබ්වේ තරගාවලියේ සිදුවූ අක්‍රමිකතා, ක්‍රිකට් තරග විකාශය රූපවාහිනී ආයතන වලට ලබාදීමේදී සිදුව ඇති අක්‍රමිකතා, වාහන සහ ඉඩම් අල්ලස් ලෙස අබාදුන් අවස්ථා, විදේශීය දේපළ ලබාගත් අවස්ථා  ඇතුළු අක්‍රමිකතා ගණනාවකට අදාළ ලිපිගොනු තමන් සතුව ඇති බවත් තවත් වැදගත් සාක්ෂි ප්‍රමාණයක් රැගෙන එංගලන්තයේ සිටින පිරිසක් තමන් හමුවීමට ළඟදී පැමිණීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ සම්බන්ධව විස්තර බොහොමයක් තමන්ට ලැබුණේ ක්‍රිකට් වලට ආදරය කරන හිටපු ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනයේ සිටින කශේරුකාවක් සහිත නිලධාරීන් වෙතින් බවත් ඔවුන් තමන් සම්බන්ධව තැබූ විශ්වාසය කඩනොකර ඒ සියල්ල හෙළිකර වගකිවයුතු පාර්ශව නීතිය හමුවට ගෙන ඒමට බලකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න