වර්තමාන කම්කරු ක්ෂේත්‍රයේ පිරිස අතුරෙන් 95%පමණ ම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම පිරිස අතරට පෙදරේරු, වඩු කර්මාන්තයේ නියැළෙන අය, වෑද්දුම්කරුවන් බර උසුලන්නන්, රියදුරු සහ කොන්දොස්තරවරුන් සහ සමස්තයක් ලෙස ගොඩනැගිලි ක්ෂේත්‍රයේ සියලු රැකියාවල නිරතවන අය මේ වසංගතයට ගොදුරු වී ඇති බව හෙතෙම අවධාරණය කළේ ය.
අවිධිමත් රැකියාවල නියුතු පිරිස අතුරෙන් බහුතරයක් මේ වන විට විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇතැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක ද පැවසී ය.
මෙබඳු රැකියාවල නියුක්ත වූවන් වෙනුවෙන් රාජ්‍යයේ විශේෂ අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
