ආණ්ඩුවේ ප්‍රශ්න ඇති කලේ : යහපාලනයට රිංගාගත් රාජපක්ෂ හෙංචයියන් -රවී

ආණ්ඩුවේ ප්‍රශ්න ඇති කලේ : යහපාලනයට රිංගාගත් රාජපක්ෂ හෙංචයියන් -රවී

යහපාලනයේ මුවාවෙන්   ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් තම, වංචා දූෂණ යටපත් කරගැනීමට, එය   වේදිකාවක් කර ගත් බව එක්සත් ජාතික පක්ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි. 

 මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (18) තොටළඟ එජාප මැතිවරණ කාර්යාලයේ පැවති.ක්‍රීඩා සමාජ සඳහා උපකරණ තොගයක් බෙදාදීමේ උත්සව අවස්ථාවේ පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

 යහපාලනයට රිංගා ගත් එවැනි දූෂිතයන් එජාප මැති ඇමැති වරු අපහසු තාවයට පත්වන ආකාරයට ක්‍රියා කළ බවත් මෙම තත්ත්වය හමුවේ යහපාලනය තුළ ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට වඩා , සම්මුතිවාදයේ අභ්‍යන්තර අර්බුදය විසඳා ගැනීමට කාලය ගත වූ බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

 සම්මුතිවාදී ආණ්ඩුවේ දෙපාර්ශවයම අතින් වැරදි අඩුපාඩු සිදුව ඇති නමුත් සියලුදෙනා එක්ව රටට වැඩක් කළයුතු බවත් විශ්වාස භංගයෙන්  අනතුරුව අගමැතිවරයාට  විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ මැති ඇමැතිවරුන්ට යළි සියල්ල ඇමතක කර රට වෙනුවෙන් වැඩ කරන්න ආරාධනා කළේ, අගමැතිවරයා ගේ, රට වෙනුවෙන්  තිබෙන කැපවීම නිසා බවත් ඔහු පැවසීය.

 එසේම සම්මුතිවාදී ආණ්ඩුව  කුමන තත්ත්වයක් හමුවේ වුවත් ශක්තිමත් ව ඉදිරියට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා  සහ අගමැතිවරයා මනා අවබෝධයකින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම යහපාලනය ට අභියෝග කිරීමට කිසිවෙකුට ඉඩක් නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

 තවද යහපාලනය  පාලනය ශක්තිමත්ව පවත්වා ගෙනයාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක , එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරු සිදුකරන කැපකිරීම ඉතා ආදර්ශයක් සපයා දී ඇති බව ද රවී කරුණානායක මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය. 

 අගමැතිවරයා ට එරෙහි විශ්වාස භංග ය අගමැතිවරයා ජයග්‍රහණය කිරීමත් සමග ,යහපාලන ආණ්ඩුවේ කකුලෙන් අදීන , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන්ත්‍රණ කරුවන් හදුනා ගැනීමට හැකිවූ බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

 මෙම අවස්ථාව ට කොළඹ නගර සභාවේ එජාප මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියහ.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න