නාකොටික් හී සැකකරුවකු මියයාම ගැන විශේෂ විමර්ශනයක් !

නාකොටික් හී සැකකරුවකු මියයාම ගැන විශේෂ විමර්ශනයක් !

මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සහ පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරාදන පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

වාර්තා වන ආකාරයට පසුගිය ජනවාරි 10 වනදා සවස් කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අවස්ථාවේ නිලධාරීන්ට විරෝධය පා කලහාකාරී ලෙස හැසිරී ඇත.

එය පාලනය කිරීමට යාමේ දී ඇති වූ සිද්ධියක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 41 හැවිරිදි තෙල්වත්ත හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු බව සඳහන් ය.

එම සිද්ධියේ දී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මියගිය සැකකරුගේ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න