ලංකා සතොස යළිත් වරක් අත්‍යාවශ්‍ය භාණ්ඩ හතරක මිල අඩුකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
මෙම මිල අඩු කිරීම අද (12) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සතොස අලෙවිසැල් වල ක්‍රියාත්මක බවත් එම නිවේදනය සඳහන් කරයි.
ඒ අනුව මිල අඩුකළ භාණ්ඩ වර්ග 04 මෙසේය.
දේශීය සම්බා කිලෝව රුපියල් 220.00 (ලාභය රුපියල් 5.00), දේශීය සුදු කැකුළු කිලෝව රුපියල් 189 .00 (ලාභය රුපියල් 16.00 ), සුදු නාඩු කිලෝව රුපියල් 198 .00 (ලාභය රුපියල් 7.00), පාන් පිටි කිලෝව රුපියල් 240.00 (ලාභය රුපියල් 5.00)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
