පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමකින් යුත් පොල්තෙල් ලබා ගෙන මුදල් නොදී අගරු චෙක්පත් නිකුත්කර වංචාවක් කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ඌවතැන්නේ සුමන හිමි ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද (08) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන ඒකකයට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ දෙමටගොඩ ප්‍රදේශයේ ‘ලේත් රෝ’ ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනයේ කළමණාකරු ජේ. ක්‍රිෂ්නමූර්ති නැමැත්තාය.
සැකකාර හිමිනම දෙමටගොඩ පිහිටි ‘බ්රෙකෝ’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයාව සිටිමින් ඉකුත් ජුලි මාසයේදී රුපියල් පන් කෝටි අසූ අට ලක්ෂයක් වටිනා පොල්තෙල් කිලෝ 84,240ක් ලබාගෙන ඊට චෙක්පත් අටක් නිකුත් කර ඇති බවත්, පසුව එම චෙක්පත් අගරු වී ඇති අතර එම මිලදී ගැනීමට මුදල් නොදී වංචා කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
