පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවන බව එම පක්‍ෂය පවසයි.
වර්තමානයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන නියෝජිතයන්ට අමතරව නවක අපේක්‍ෂක තරුණ තරුණියන්, සමාජ නායකයින්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින්ට ප්‍රමුඛතාව දීමට බලාපොරොත්තු වන බවත් වර්තමාන දේශපාලන තත්වයට අනුරූපීව නවීණ දේශපාලන සංස්කෘතියට ගැලපෙන පරිදි අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරන බවත් පොදුජන පෙරමුණ පවසයි.
දැනට පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරු අතර නීතියට සහ සමාජ සම්මතයන්ට පටහැනිව කටයුතු කර ඇති අයෙක් සිටී නම් නීත්‍යානුකූල පදනමක් මත ඔහුගේ අපේක්‍ෂකත්ව ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ද තීරණය කර ඇති බව ද එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
