එතනෝල් ආනයන බද්ද යළි සාමාන්‍ය මට්ටම දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
කොවිඩ්-19 වසංගත සමයේදී විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම හේතුවෙන් එතනෝල් ආනයන බද්ද පහත දමා තිබිණි.
බද්ද යළි ඉහළ දැමීමත් සමග රජයේ රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරයි.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් විශබීජ නාශක දියර විශාල වශයෙන් නිෂ්පාදනය කෙරුණු අතර ඊට යොදා ගැනුණු එතනෝල් බද්ද 2020 අප්‍රේල් 30 සහ ජූනි 9 යන දිනවලදී අවස්ථා දෙකකදී පහත දමා තිබිණි.
මේ අතර, රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25ක සුරා බද්ද රුපියල් 50 දක්වා යළි ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඉකුත් ජනවාරි මාසයේදී එය රුපියල් 25ක් දක්වා පහත දැමුව ද එම වාසිය පාරිභෝගිකයාට නොලැබීම හේතුවෙන් යළි බද්ද පෙර පැවති මට්ටමට ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
