දීප ව්‍යාප්තව සිලෝන් ටී ගම්මාන පන්සියයක් ආරම්භ කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සැලසුම් කර ඇත.
ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වශයෙන් තේ නිෂ්පාදනය ඉහළ නැංවීමත් ජාත්‍යන්තර වෙළඳපළ අභියෝග ජයගැනීමත් අරමුණු කරගනිමින් මෙම ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
කුඩා පරිමාණයේ තේ වතු හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම ගම්මාන පන්සියය ආරම්භ කරන බවත් එහි දී ඔවුන් ද අවශ්‍ය තාක්ෂණය සහ දැනුම ලබාදීමට පියවර ගන්නා බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
මෙම වැඩසටහනට අමතරව තේ කර්මාන්තකරුවන් සඳහා සහනාධාර පොහොර ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා රුපියල් මිලියන 2500ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
