ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවීමේ දී තිබූ අරමුණුවලින් දැන් ඉටු නොවන බවත්, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ රටවල් සංවර්ධනය කිරීම නොවන ණය හිමියන් ගේ ප්‍රතිලාභ උපරිම කිරීම පමණක් බවත් මහාචාර්ය සුමනසිරි ලියනගේ පැවසුවේ ය.
ඔහු මෙම අදහස් පළ කළේ ආර්ථික විස්ලේශක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “පාත් ඔෆ් ෆ්‍රීඩම්” කෘතිය එළිදැක්වීම වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සුමනසිරි ලියනගේ
''ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මත පදනම්වූ ණය ක්‍රමයක සිරවී සිටිනවා. තිරසාර සංවර්ධනයක් සහ සමාජ සාධාරණත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පොතෙහි යෝජනා කර ඇති පරිදි විකල්ප ආර්ථික රාමුවක් අනුගමනය කරමින් රට මෙම පරාධීනත්වයෙන් මිදිය යුතු යි.''
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්ප රාජපක්ෂ
මූල්‍ය ප්‍රතිපත්තිය කෙරෙහි රජයට ඇති සෘජු බලපෑම අඩු කරලා
''ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන් යටතේ ප්‍රවර්ධනය කරන ලද ප්‍රතිසංස්කරණ මාලාවක් හරහා ශ්‍රී ලංකාව ,අධි-නව ලිබරල්වාදී, අදියරකට අවතීර්ණ වෙලා. 2023 මහ බැංකු පනත මඟින් මිල ස්ථායීතාවල උද්ධමනය ඉලක්ක කිරීම සහ ආයතනික ස්වාධීනත්වයට ප්‍රමුඛතාවය දෙමින් මහ බැංකුවේ භූමිකාව වෙනස් කර තිබෙබනවා. එමෙන්ම, මහ බැංකුවේ ආර්ථික තර්කනය, නව ලිබරල්වාදයේ වොෂින්ටන් එකඟතාවයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තර්කනය මත දැඩි ලෙස පිහිටුවීම මඟින් මූල්‍ය ප්‍රතිපත්තිය කෙරෙහි රජයට ඇති සෘජු බලපෑම අඩු කර තිබෙනවා. මෙම වෙනස ඉදිරිපත් කර ඇත්තේ ජාතික සංවර්ධනයට වඩා මූල්‍ය ප්‍රාග්ධනයේ සහ යම්කිසි විශේෂිත පන්තියක අභිලාෂයන් වෙනුවෙන් සේවය කරන්නක් ලෙස යි.
ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත
මූල්‍ය පද්ධතිය තුළ අර්බුදයක් ඇති කළ හැකි තීරණාත්මක සන්ධිස්ථාන තුනක්
ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ මේ වන විට පවතින්නේ අතිශයින් බිඳෙනසුලු මට්ටමක. මූල්‍ය පද්ධතිය තුළ අර්බුදයක් ඇති කළ හැකි ප්‍රධාන ආතති සහගත කරුණු නැතිනම් තීරණාත්මක සන්ධිස්ථාන තුනක් හඳුනාගත හැකි යි. ඒ තමයි: විනිමය වෙළෙඳපොළ, වත්කම් වෙළෙඳපොළ (කොටස්ල බැඳුම්කර සහ දේපළ වෙළෙඳාම් ඇතුළුව) සහ ණය වෙළෙඳපොළ (විදේශීය ණය සහ දේශීය පෞද්ගලික ණය ඇතුළත්) යන කොටස් තුන.
මෙම ඕනෑම එක් ක්ෂේත්‍රයකින් අර්බුදයක් ආරම්භ වී පසුව අනෙකුත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත විය හැකි යි. එහි ප්‍රතිඵලයක් ලෙස මුදලේ අගය සීග්‍රයෙන් අවප්‍රමාණය වීම සහ වත්කම්වල අගය පහත වැටීම මගින් සංලක්ෂිත පුළුල් මූල්‍ය බිඳවැටීමක් සිදුවිය හැකි යි. විශේෂයෙන්ම, මෑතකදී සිදු කළ පොලී අනුපාත ඉහළ නැංවීම මගින් රුපියල් ට්‍රිලියන 11.9ක් වන දේශීය පෞද්ගලික ණය මත අධික පීඩනයක් එල්ල කළ හැකි අතර එමඟින් ණය වෙළෙඳපොළේ බිඳෙනසුලු බව තවත් වැඩි වනවා.''
මෙම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් අතර ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි, ඇය ගේ උත්තමාවී පැට්‍රීෂියා ලාසාරා පේගෝ ගුවේරා (Patricia Lázara Pego Guerra), ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන මොජ්තබා බර්ගන්දාන් (Mojtaba Barghandan), හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ද වූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
