අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අධිකරණ නියෝගයක් නිකුත්කර ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) කොටුව පොලීසිය වෙත මෙම නියෝගය සිදුකර ඇත.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර සිටියේ අදාළ මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල කාමරයේ තිබී හමු වූ අතර, එය අල්ලසක් ලෙස හෝ වෙනත් කාරණයක් සදහා ලැබී තිබුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම සදහා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට කොටුව පොලීසියට නියෝගක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
