රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මියට ලබන 17 වැනිදා දක්වා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ  මෙම වාරණ නියෝගය නිකුත් කළේ , ගුණරත්න වන්නිනායක  ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර මෝසමක් මගින් නඩුව කැඳවා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ වන විට ඩයනා ගමගේ ගේ විදෙස් ගමන් බලපත්‍රව සම්බන්ධයෙන් විමර්ශනයක් පවතින බැවින් ඇය විදෙස් ගතවීමේ තර්ජනයක් පවතින බව එහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක  අධිකරණයට පෙන්වා දුන්නේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න