නෙළුම් කුළුණ විවෘතව තැබෙන කාලය දීර්ඝ කරයි !

නෙළුම් කුළුණ විවෘතව තැබෙන කාලය දීර්ඝ කරයි !

දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන ‘කොළඹ නෙළුම් කුලුන’ නරඹන්නන් සඳහා විවෘතව තැබෙන කාලය පැය දෙකකින් දීර්ඝ කර ඇත.

නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මේ බව සඳහන් කරයි.

ඒ අනුව හෙට සිට (20) සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වාත් සති අන්තයේ උදෑසන 10.00 සිට උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වාත් නෙළුම් කුලුන නරඹන්නන් වෙනුවෙන් විවෘතව තැබෙයි.

මේ දිනවල නෙළුම් කුලුන නැරඹීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණෙමින් සිටීම නිසා මෙම තීරණය ගෙන ඇති බව පාලනාධිකාරිය පවසයි .

නරඹන්නට පැමිණෙන්නන් වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම නැරඹීමේ කාලය අවසන්වීමට පැයකට පෙර නවත්වන බවත් ඒ අනුව සතියේ දිනවල රාත්‍රී 9.00ට පෙරත්, සති අන්තයේ රාත්‍රී 10.00ට පෙරත් ප්‍රවේශපත් මිලදී ගත යුතු බව ද සඳහන් වෙයි .

මේ දිනවල කුලුන නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බැවින් කොටසකට විශේෂයක් කිරීමට අවස්ථාවක් නොමැති නිසා රුපියල් 2,000 ප්‍රවේශපත් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් රුපියල් 500 ප්‍රවේශපත් පමණක් නිකුත් කරන බවත් සඳහන් වෙයි .

වයස අවුරුදු 10ට අඩු දරුවන් සඳහා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 200ක් වන අතර, විදේශිකයන්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 20ක් අයකෙරෙන බව ද පාලනාධිකාරිය පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න