Image

හිනිදුම සුනිල් සෙනවිට තමාව අහිමි වීම

හිනිදුම සුනිල් සෙනවිට තමාව අහිමි වීම

හිනිදුම සුනිල් සෙනෙවි මහතා මගේ දිගුකාලීන මිතුරකු වන අතර මා දන්නා ඔහු නම් 83 වැලිකඩ බන්ධනාගාරයේ දී දෑස් උගුලුවා මරා දැමූ සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටුමනී) හා දොස්තර රාජසුන්දරම් යන අය ගේ ප්‍රකාශ සහ දෙමළ විමුක්ති සටනේ සාධාරණ මතක පවා තමන් සන්තකයේ තබා ගත්තෙකි. බොහෝ අවස්ථාවල එම ප්‍රකාශ සංවේදීව පුනරුච්චාරණය කළ කෙනෙකි.

තමන් ද නොදන්නා ආශාව

පෙනෙන විදියට අධිපති සිංහල වාර්ගික ජාතිකවාදය අවිඥානික කරගත් පද්ධතියක් විසින් ඔහුගේ ප්‍රොෆයිලය ක්‍රමානුකූලව හැක් කරනු ලැබ ඇත. දීපචෙල්වන් ගේ කෘතීන් තහංචියට ලක් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු කර ඇති පහත ප්‍රකාශය වනාහී (එය එසේ කර ඇත්නම්) සෙනෙවිට සිදුව ඇති ඉහත සන්තෑසිය පිළිබද සාක්ෂියකි. අදාළ පද්ධතියක මෙනු එකට අනුව වසර කිහිපයක් හැසිරෙන විට තමන්ගේ ම ගොනුවේ මීටරය වෙනත් පාර්ශවවලට අවශ්‍ය ලෙස කරකවා ගැනීමේ තමන් ද නොදන්නා ආශාවක් ජනිත වේ.

"දීපවෙල්වන් මහත්තයා ආරක්ෂා වෙලා ඉන්නෙ අපි ගත් ක්‍රියාමාර්ගය නිසයි. ඒක කවුරුවත් දන්නෙ නැහැ. මම හිතන්නෙ අනෙක් පොත් දෙක නිදහස් වෙන එකක් නැහැ. මගේ පෞද්ගලික හැඟීම ඒ පොතේ දෙකේ තියෙන බොහෝ දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දණ්ඩනීති සංග්‍රහය එක්ක විශාල ගැටීමක් තියෙනවා. ඒ එක පොතක පිටකවරය එළියට පෙන්වන්නෙත් නැහැ. ඒකෙ තියෙන්නෙ බෙදුම්වාදී සිතියම. ඒ වෙනුවට ඔවුන් එළියට දාන්නේ නඩුගල්' කියන පරණ පොත. 'නඩුගල්' කියන්නේ ' ස්මාරක ශිලාවත' නමින් සිංහලයට පරිවර්තනය වුණ පොතක්. මේක හංගගෙන යන්නෙ.

අපි මේකට මැදිහත් වෙන්නේ ආචාරධාර්මිකව. පොත් තහනම් වෙලා, බාහිර සමාජයේ සංවාදයක් තියෙද්දී ඊට අදාළ අමාත්‍යාංශය ඒ ගැන විමසීමක් කරන එක හොඳ නිසා. අපි ඉතා යහ චේතනාවෙන් තමයි මේකට මැදිහත්වුණේ. එහෙම නැතිව නෛතික කිසිම බැඳීමක් නැහැ. පොත් නිදහස් කිරීම රේගුවේ වැඩක්. ඒ සියල්ල අමතක කරල මේ සිදුවීම අල්ලගෙන පිරිසක් දේශපාලනය කරනවා. දීපචෙල්වන් මහත්තය දැන් යාපනයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දාල. ඒක ඉතාම හොඳයි. හේතුව මානව හිමිකම් පරික්ෂා කරන්නේ පොතේ අන්තර්ගතය. ඒවා ගැටෙන්නෙ තැන් මොනවද කියලයි. ඒ දේවල් ඒ මහත්තයට මානව හිමිකම් සංවිධානය හොයල දෙයි."

Vidarshana Kannangara

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න