ගාල්ල වරායේ ආයෝජනයට සමාගම් තුනක් ඉදිරිපත්ව සිටිනවා - ඇමති නිමල් සිරිපාල

ගාල්ල වරායේ ආයෝජනයට සමාගම් තුනක් ඉදිරිපත්ව සිටිනවා - ඇමති නිමල් සිරිපාල

ගාල්ල වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය ලබා දෙන බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයකුගේ රැකියා අනතුරකට පත්වන ආකාරයේ සැලසුම් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ගාල්ල වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

ගාල්ල වරායේ සංවර්ධනය ජාතික අවශ්‍යතාවක් මිසෙක ආයතනයක්, කණ්ඩායමක්, ප‍්‍රදේශයක් හෝ කලාපයක් ඉලක්ක කරගනිමින් කෙරෙන වැඩසටහනක් නොවන බවද නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

ගාල්ල වරාය සංවර්ධිත වරායක් බවට පත්කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් පතිරණ  විශාල උත්සාහයක් ගත් බව පැවසූ අමාත්‍යවරයා එම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අදහස දිගින් දිගටම යථාර්ථයක් නොවී ඇති පසුබිමක ඒ සිහිනය ගාල්ල වරාය තුළ යතාර්ථයක් කිරීමට තමා කැපවන බවද ප්‍රකාශ කළේය.

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස දියුණු කිරීම සඳහා රජය ප‍්‍රතිපත්තිමය තීරණයක සිට ඉදිරි කටයුතු සැලසුම් කළයුතු බව පැවසූ සිල්වා  ඒ සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට සුදුසු සැලැස්මක් ඇති බවද අවධාරණය කළේය.

දියකඩනයක්, විනෝදාස්වාද කලාප, නව වරාය නගර සැලැස්මක් , රුවල් හා මගී නෞකා පහසුකම් සහිත කලාපයක්, ක‍්‍රීඩා කලාපයක් ඇතිකරමින් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා ව්‍යාපාරික අවස්ථා ඇති කිරීම සඳහා මෙහි මූලික සැලැස්ම නිර්මාණය කර ඇති බවත් ව්‍යාපෘතිය ප‍්‍රදේශයේ ජනතාවට මෙන්ම රටේ ජනතාවටද ප‍්‍රතිලාභ රැසක් අත්වන එකක් බවත් හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස් රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ සුසන්ත අබේගුණවර්ධන, ප‍්‍රධාන කළමණාකරු (තොරතුරු පද්ධති) නිර්මාල් ෆොන්සේකා, ගාල්ල වරාය නේවාසික කළමණාකරු විජය සෙනෙවිරත්න යන  අය ඇතුළු විධායක නිලධාරීන් , සේවක  පිරිසක්ද සහභාගී වූහ.

ලංකාදීප

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න