ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රාථමික වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.
බංගලාදේශ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆකීර් මහබුබ් අනම් සහ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල අතර තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති සාකච්ඡාවකදී මේ ගැන අවධානය යොමුව ඇත.
තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැති ESCAP සැසිවාරය අතරතුරදී මෙම හමුව සිදු විය.
එහිදී SAARC සහ BIMSTEC වැනි කලාපීය සංවිධානවල අපගේ පොදු අවශ්‍යතා අවධාරණය කරමින් වෙළඳාම, ආයෝජන හා සංචාරක ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට ඇති අවස්ථාද මෙහිදී අවධානයට ලක් වී ඇත.
ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් සහ ආර්ථික කොමිෂන් වැනි ආයතනික ව්‍යුහ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සලකා බලා තිබේ.
(උපුටාගැනීම : ලංකාදීප FT)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
