Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

යුක්‍රේනයේ සිර වී සිටි ලාංකික සිසුන් වදහිංසාවලට ලක් වෙලා - යුක්‍රේන මාධ්‍යවේදිනී මාරියා පවසයි

යුක්‍රේනයේදී රුසියානු හමුදාව විසින් මාස 09ක කාලයක් සිර කරනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයින් 07 දෙනා වද හිංසාවලට ලක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ මාධ්‍යවේදිනිය එහි සඳහන් කර ඇත්තේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ඒ අතර වන බවයි.

ඔවුන් අවුරුදු 20 – 40 ත් වයස්වල පසුවන්නන් බව ඇය පෙන්වා දෙයි.

යුක්‍රේන මාධ්‍යවේදිනියක වන මාරියා රොමනෙන්කෝ ට්විටර් පණිවුඩයක් පළ කරමින් අදාළ ශ්‍රී ලාංකිකයින්ගේ ඡායාරූප කිහිපයක් පළ කර ඇත.

ඇය පවසන්නේ, අධ්‍යයන කටයුතු සහ රැකියා සඳහා යුක්‍රේනයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රුසියානු හමුදා විසින් සිර කරනු ලැබ සිටි බව ය.

අදාළ මාධ්‍යවේදිනිය එම ශ්‍රී ලාංකිකයින් හමුවී ඔවුන් සමග සාකච්ඡා කර තිබේ.

එම ශ්‍රී ලාංකිකයින්ගේ නියපොතු ගලවා, පහර දී වද හිංසාවට ලක්කර ඇති බව එම මාධ්‍යවේදිනිය වැඩිදුරටත් පවසා සිටී.