Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ජනාධිපතිට නඩු දානවා : කුමාර් කියයි !

අරගලය ප්‍රචණ්ඩකාරී බවට පත් කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අමතමින් සිදුකළ ප්‍රකාශය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් කුමාර ගුණරත්න සඳහන් කරන්නේ ජනාධිපතිවරයා ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.

පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ප‍්‍රචණ්ඩත්වය මුවාවෙන් තනතුරු ලබාගත් පුද්ගලයා ම සාමකාමී අරගලයට සම්බන්ධ වූ පිරිසට බොරු චෝදනා කිරීම විහිළු සහගත යැයි ද පැවසීය.