පසුගිය වසර පහළෙවක විස්සක පමණ සිට විදෙස් ගතවූ ප්‍රජාව අතර මානුෂීකරණය වූ පුද්ගලයින් වෙනුවට තම තමන් ගේ රැකියා (ගණකාධිකරණ, ඉංජිනේරු යනාදි) තත්ත්වය මත පමණක් මිනිසුන් මැනීමේ ප්‍රජාවක් බිහි වූ බවත් එම ප්‍රජාව ජාතිවාදී දේශපාලකයින්ගේ ගොදුරු බවට පත්වු බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘'Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ බණ්ඩාරනායක පාලනය රාජ්‍ය භාෂාව සිංහල පමණක් කිරීම හේතුවෙන් මෙරට සිටි විශාල බර්ගර් ජන කොටසක් ඔ්ස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ බවයි.
අනතුරුව මෙරට සිටි දෙමළ ප්‍රජාව පීඩනයට පත්වෙද්දී එම ප්‍රජාව ද යම් ප්‍රමාණයකට එම රටට සංක්‍රමණය වූ බව ද හෙතෙම සිහිපත් කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
