Language Switcher

V2025

සුදුසුම කෙනා ජනාධිපති කළා : පොහොට්ටුවේ අනුරාධ ප්‍රසිද්ධියේ කියයි !

පුද්ගලික විවේචන කොතරම් තිබුණද මේ මොහොතේ රට ගොඩ ගැනීමට සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසු අතර පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගෙන් ජනාධිපති ලෙස පත් කළ යුතු සුදුසුම පුද්ගලයා ඊට පත්කර ඇති බවද සඳහන් කළේය.

මීට මාස කිහිපයකට කලින් රට තුළ පැවැති තත්ත්වය සමනය කිරීමට මේ වන විට හැකිව තිබෙන බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා සියයට සියයක්ම නැති වුවද යම් ප්‍රමාණයක ගැටළුව විසඳා ඇතැයිද සඳහන් කළේය.