සමන්තා පවර් ලංකාවට !

සමන්තා පවර් ලංකාවට !

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට සහ දෙරට අතර සංවර්ධන හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ බව තහවුරු කර ඇත .

ඊට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ලබන (10) සමන්තා පවර් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

මීට පෙර සමන්තා පවර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ අතර ඒ දිවංගත අමාත්‍ය මංගල සමරවීර ගේ දේශපාලන දිවියට වසර 30ක් සැමරිම නිමිත්තෙන් පැවති උත්සවය වෙනුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න