Image

දැනුම සමාජගත නොවුන හොත්...? - Ideas front වීඩියෝවක්

දැනුම සමාජගත නොවුන හොත්...? - Ideas front වීඩියෝවක්

ලංකාවේ දේශපාලකයින්: ජාතිවාදය සහ ආගම්වාදය යනාදි සංකල්ප ඔබ්බවමින් වඩ වඩාත් කුපිත බවට පත් කරන්නේ දුප්පත් සහ සාමාජවබෝධය අවම පිරිස් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි. යට සඳහන් කළ ආකාරයට: දැනුවත්, බුද්ධිමත් කණ්ඩායම් පොලඹවා ගත නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මීට වසර  තිහ හතළිහකට පමණ පෙර සෑම ගමක ම පාහේ පුස්තකාලයක් පැවති බවත්, එකල තරුණ පිරිස් එම පුස්තකාලවලින් දැනුම උකහා ගත් බවත්, එම දැනුම ප්‍රකාශ කළ බවත් එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය. මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න