රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් : දිනිත් චින්තක කරුණාරත්න !

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් : දිනිත් චින්තක කරුණාරත්න  !

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (08) වැඩභාර ගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන දිනිත් චින්තක කරුණාරත්න ජීව විද්‍යා උපාධිධාරියෙකි.

විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතේ වාර්තාකරුවකු ලෙස වෘත්තීය දිවිය ආරම්භ කළ දිනිත් චින්තක කරුණාරත්න, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි කාලයක් පුවත්පත් සම කර්තෘ ධුරය ඇතුළු වගකීම් සහගත තනතුරු රැසක හසල අත්දැකීම් ලබා ඇති මාධ්‍යවේදියෙකි.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි ශාන්ත මොනිකා විද්‍යායතනයේ සන්නිවේදනය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරියෙකු ද වන ඔහු ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව දේශීය මෙන්ම විදේශීයව ද පුළුල් පරිචයක් ලබා ඇත.

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ධූරයෙහි වැඩ බාර ගැනීමේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ද එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න