සනත් නිශාන්තට නොතීසි !

සනත් නිශාන්තට නොතීසි !

පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිදුවීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට අභියාචනාධිකරණය අද (08) නොතීසි නිකුත් කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම් දෙක ලබන 13 වැනිදා යළි කැඳවීමට ද අභියාචනාධිකරණය නියෝග කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සැලකිල්ලට ගැනිණ.

නිතීඥ විජිත කුමාර සහ නීතිඥ ප්‍රියලාල් සිරිසේන විසින් මෙම පෙත්සම් දෙක අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත .

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය, සාලිය පීරිස් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම්වලින් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න