රනිල්ට බාල්දියක් : තරුණ පොහොට්ටු මන්ත්‍රී ජන්ද ඩලස්ට ?

රනිල්ට බාල්දියක් : තරුණ පොහොට්ටු මන්ත්‍රී ජන්ද ඩලස්ට ?

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරුණ කණ්ඩායමේ බහුතරයක් ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පරුමට සහය ලබාදීමට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

මේ බව අනාවරණය වී ඇත්තේ පොදුජන තරුණ පෙරමුණේ විධායක සභා රැස්වීමේදී එහි සභාපති හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක විසින් ජනාධිපතිවරණයේදී පක්ෂයේ සහය ලබා දිය යුතු වන්නේ කවරෙක් හට දැයි තරුණ සංවිධානයේ සාමාජිකයින්ගෙන් සිදුකර ඇති මත විමසීමක් අවස්ථාවේ ය.

සූම් තාක්‍ෂණය ඔස්සේ පවත්වා ඇති මේ මත විමසීමේදී විධායක සභාවේ සිටින සාමාජිකයින් 75 දෙනා ගෙන් 54 දෙනෙකු ඩලස් අලහප්පෙරුමට සිය ඡන්දය ලබාදීමට එහිදී සිය කැමැත්ත පළ කර තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයී.

තවත් පිරිසක් පිරිසක් තීරණය කර ඇත්තේ පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයෙකුට සිය ඡන්දය භාවිත නොකර සිටීමටය.

මේ අනුව දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති තේරීමේ රහස් ජන්දය විමසන අවස්ථාවේ පොදුජන පෙරමුණේ බෙදීමක් සිදුවනු ඇති බවයි.

කෙසේ වුවත් පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසා ඇත්තේ තම පක්ෂයේ සහය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට තීන්දුවක් ගෙන ඇති බවය.

නමුත් පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය ජී.එල්. පීරිස් එම අදහස ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න