බ්‍රිගේඩියර් සෝමවීරගේ වැඩ තහනම් කර නෑ - යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

බ්‍රිගේඩියර් සෝමවීරගේ වැඩ තහනම් කර නෑ -  යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට ඇති වූ සිද්ධියේදී රාජකාරියේ යෙදී සිටි බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ සේවය අත්හිටුවා ඇති බවට පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.

ඔහු මේ වන විට වෙනත් තනතුරක රාජකාරිය සඳහා යුද හමුදා මූලස්ථානය වෙත යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර පසුගියදා වැඩබලන ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසල දී 'නිව්ස්ෆස්ට්' (සිරස) මාධ්‍යවේදීන් 04 දෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම නිසා වැඩ තහනමකට ලක්වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ යලි සේවයේ පිහිටුවන ලෙස වැඩබලන ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝගකර ඇත.

මෙම සිද්ධියේදී නිව්ස්ෆස්ට් මාධ්‍යවේදී වරුණ සම්පත්, සරසි පීරිස්, ජනිත මෙන්ඩිස් සහ ශක්ති ටී.වී. මාධ්‍යවේදී සින්දුජන් යන මාධ්‍යවේදීන් පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරයට ලක්විය.

මෙම සිද්ධියෙන් අනතුරුව අරගලකරුවන් පිරිසක් වැඩබලන ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස මුළුමනින්ම ගිනිබත් කරනු ලැබිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න