Image

DNA පරීක්ෂණයට කලින් පල්ලේගම හිමිට අටමස්ථානයේ විශේෂ ආශීර්වාද පූජාවක් සිදු කරලා - (News Center වීඩියෝවක්)

DNA පරීක්ෂණයට කලින් පල්ලේගම හිමිට අටමස්ථානයේ විශේෂ ආශීර්වාද පූජාවක් සිදු කරලා - (News Center වීඩියෝවක්)

ළමා අපයෝජන චෝදනාවක් එල්ල වී ඇති හිටපු අටමස්ථනාධිපති පල්ලේගම හේමරතන හිමියන් පිළිබඳව පසුගිය කාලයේ බොහෝ කතා බහට ලක් වුණා.

මෙම සිදුවීමට අදාළව සිදු කෙරෙන විමර්ෂණ කටයුතු වෙනුවෙන් DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබා දෙන ලෙස පසුගිය 12 වන දා චෝදනාවට ලක්වූ පල්ලේගම හිමියන්ට අධිකරණය නියෝග කළ අතර, ඒ අනුව ජූනි 16 වනදා රජයේ රස පරික්ෂකවරයා වෙත හේමරතන හිමියන් රුධිර සාම්පල ලබා දීමට නියමිතව තිබුණා.

මෙම පරීක්ෂණයට දිනයකට පෙර එනම් 14 වනදා රාත්‍රියේ අදාළ හිමි නම අටමස්ථානය වැද පුදා ගැනීමට ගොස් ඇති බව සඳහන් වෙනවා. එමෙන්ම උන්වහන්සේ වෙනුවෙන් එහි දී 'විශේෂ අශිර්වාද පූජාවක්' ද පවත්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

කෙසේ වෙතත් පසුගිය කාලයේ පල්ලේගම හිමියන් දැඩි අසනීප තත්වයෙන් පසු වන බව වාර්තා වූ අතර, දැඩි ඇප කොන්දේසි මත උන්හන්සේට අධිකරණයෙන් ඇප හිමිවූ අතර අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් අටමස්ථානාධිපති ධුරයද තාවකාලිකව අත්හිටවූවා.

මතු පළ වන්නේ මේ පිළිබඳ 'NEWS CENTER UNLIMITED' යූ ටියුබ් නාලිකාව ඔස්සේ සිදුකෙරෙන සම්පූර්ණ සාකච්ඡාවේ  වීඩියෝවයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න