ඩලස් මුල් වෙයි : වර්ණය කහ : රාජපක්ෂවරුන් වද්දා නොගන්න පුළුල් සන්ධානයක් !

ඩලස් මුල් වෙයි : වර්ණය කහ : රාජපක්ෂවරුන් වද්දා නොගන්න පුළුල් සන්ධානයක් !

මේ වන විට පොදුජන පෙරමුණේ ඉතිරිව සිටින මන්ත්‍රීන් 117 දෙනාගෙන් 49 දෙනකු ගේ සහය ඇතුව හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් නව දේශපාලන බලවේගයක් නිර්මාණය කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

“හැකියාවට සහ නිර්මාණශීලීත්වයට මුල්තැන දෙමු; දූෂණය, අන්තවාදය සහ පවුල්වාදය පිටු දකිමු” යන්න නව දේශපාලන බලවේගය සිය තේමා පාඨය ලෙස තෝරාගෙන ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එසේම නව සන්ධානයේ ලාංඡනය පිළිබඳ තවමත් අවසන් තීරණයකට එළඹ නොමැති අතර එහි වර්ණය බොහෝ විට කහ වර්ණය විය හැකි බවත් සඳහන් වෙයි.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට හැකිවන පරිදි ගොඩනගන නව සන්ධානය සමග ප්‍රධාන දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් රැසක් එක්වීමට නියමිතව ඇත.

ඒ අනුව මෙය මෑත දේශපාලන ඉතිහාසයේ පුළුල්තම සන්ධානය විය හැකි බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

වඩාත් විශේෂ කාරණය ලෙස දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මේ නව සන්ධානය සඳහා රාජපක්ෂ පවුලේ කිසිවකු හතර මායිමේ වද්දා නොගත්තට ඒකමිතික තීන්දුවක් ගෙන ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න