ලංවීම සභාපතිගේ ප්‍රකාශය රිවස් : ජනාධිපති කිව්වේ නෑලු !

ලංවීම සභාපතිගේ ප්‍රකාශය රිවස් : ජනාධිපති කිව්වේ නෑලු !

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට දෙන්න තීරණය කළේ ඇයි ද යන්න පිළිබඳව පසුගිය ( 10) වනදා පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවේ විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු සිදුකළ ප්‍රකාශය නැවත ඉල්ලා අස්කරගෙන ඇත.

එහිදී ලංවීම සභාපතිවරයා පවසා සිටියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ බලපෑමක් අනුව ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය අදානි සමාගමට ලබාදෙන්නැයි පැවසූ බවයි.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශයෙන් පැය 24 ක් ගතවන්නට පෙර ඊයේ (11) ලංකා විදුලිබල මණ්ඩල සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු පැවසුවේ, තමන් කෝප් කමිටුව හමුවේ 10 වෙනිදා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගෙන ඇත .

ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත්, විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව කාර්ය බහුලවීම නිසා නිසි ලෙස ආහාර පවා නොගෙන වෙහෙස වීමත් හේතුවෙන් ඇතිව තිබූ මානසික තත්ත්වයත් මත මෙම ප්‍රකාශය තමන් අතින් සිදුවී ඇති බවත් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු පවසා ඇත .

පෙර දින තමන් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ ජනාධිපතිතුමාගෙන් හෝ විෂය භාර අමාත්‍යවරයාගෙන් හෝ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් සිදුවූ බලපෑමක් නිසා නොවන බවත් ඔහු පවසයි .

සභාපතිවරයාගේ ඉල්ලා අස්කර ගැනීමට පෙර ජනාධිපතිවරයා ට්වීට් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මන්නාරම සුළං බල ව්‍යාපෘතිය කිසියම් නිශ්චිත පුද්ගලයකුට හෝ ආයතනයකට ප්‍රදානය කිරීමට නියම කළ බවට කෝප් කමිටුවේදී විදුලිබල මණ්ඩල සභාපතිවරයා කළ ප්‍රකාශය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

ftyey

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න