Image

පරිගණක අපරාධකරුවන් යැයි සැක චීන ජාතිකයින් දෙදෙනාට ඇප

පරිගණක අපරාධකරුවන් යැයි සැක චීන ජාතිකයින් දෙදෙනාට ඇප

කොටුව පොලිස් බල ප්‍රදේශයේ හෝටල් සංකීර්ණයක රැදී සිටිමින් පරිඝණක ඔස්සේ යම් අපරාධ සිදු කරන බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  චීන ජාතිකයන් දෙදෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.

සැකකරුවන් සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

සැකකාර චීන ජාතිකයන් දෙදෙනා රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ගේ විදේශ ගමන් තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

සැකකරුවන් ගේ ලැප් ටොප් සහ දුරකථන වාර්තා මෙතෙක් ලැබී නැතැයි පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

නඩුව වැඩිදුර වාර්තා සදහා ලබන ජූලි 13 කැඳවන ලෙස නියෝග කෙරිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න