කොළඹ තමන්ට අයිති සුපිරි පන්නයේ නිවාස තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්ද නිවාස ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
කොළඹ තමන්ටම අයිති නිවාස ඇති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් නිවාස ලබාදීම නීතිය අනුව තහනම් බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. සමහර මන්ත්‍රීවරු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇත්තේ තමන්ට කොළඹ නිවාස නැති බව ව්‍යාජය දිවුරුම් ප්‍රකාශ පවා ඉදිරිපත් කරමින් බව කියති.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රී පිරිසට කොළඹ නගරයේ නිවාස දෙක තුනක හිමිකම ඇති අයද ඇතුළත් වෙතියි වාර්තාවේ.
මේ අතර මන්ත්‍රීවරු පිරිසක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන කාලයක් තිස්සේ ඒවා වසා දමා වෙනත් ස්ථානවල පදිංචිව සිටින බවද පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
Lanka truth
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
