Image

80 දශකයෙන් ඉක්බිති මාධ්‍යයට සිදු වූයේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

80 දශකයෙන් ඉක්බිති මාධ්‍යයට සිදු වූයේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

80 දශකය තෙක් මාධ්‍යවේදියා මෙන් ම මාධ්‍යය ද කිසියම් ප්‍රමිතිගත තත්ත්වයක පැවත, 83 ජූලි කලබලයෙන් ඉක්බිති ඇතැම් මාධ්‍ය ජාතිවාදයට නැඹුරුව, මින් විසිපස් වසරකට පෙර මාධ්‍යවේදියා සහ මාධ්‍ය අවප්‍රමාණයට ලක් වූ බවත් එම විසිපස්වසරින් ඉකිබිති කවුරුන් හෝ මාධ්‍යවේදියා ගේ හෝ මාධ්‍යයේ සමාජ විද්‍යාව සොයා ගන්නේ නම් එය, අපූරු සොයාගැනීමක් විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

රටක විපක්ෂ නායක යනු ජනතාවගේ බදු මුදලින් අවම මිලියන තුනක් පමණ වැය කර නඩත්තු කරන පුද්ගලයෙක් බවත්, ඔහු හෝ ඇය පවතින ආණ්ඩුව අර්බුදයට යන මොහොතක එය වළක්වා ගත යුතු බවත්, එසේ වුව ද 2022 වසරේ රට අර්බුදයට පත් වූ මොහොතේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස කළේ කුමක් දැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක විමසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න