අගමැතිට ළඟම අයගෙන් පරිස්සම් වෙන්න කියන්න : GR සාගලට දන්වයි !

අගමැතිට ළඟම අයගෙන් පරිස්සම් වෙන්න කියන්න : GR සාගලට දන්වයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ළඟම ඉන්නා අයගෙන් ඔහුට ප්‍රවේසම් වෙන ලෙස දන්වන්න කියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු අමාත්‍ය , අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා මේ දැනුම්දීම සිදුකර ඇත්තේ හිටපු අමාත්‍ය සාගල රත්නායක වෙත කැඳවීමක් සිදුකරමිනි.

එහිදී තම අයියණ්ඩිය වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට වැරදුනේද ළඟම සිටි පිරිස නිසා බවත් ජනාධිපතිවරයා පවසා ඇත .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට සමීපතම ලෙස සාගල රත්නායක , වජිර අබේවර්ධන , රුවන් විජයවර්ධන , පාලිත රංගේබණ්ඩාර සහ අකිල විරාජ් කාරියවසම් කටයුතු කරයි.

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ අයගෙන්ද නැත්නම් වෙනත් පාර්ශ්වයක් වෙතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පරිස්සම් විය යුතු බව ජනාධිපති පවසා ඇත්දැයි පැහැදිලි නැති බවයි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ මෙරටට ඩොලර් ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් සහය දැක්වීම සඳහා ඉදිරිපත් වූ පාර්ශ්වයක් වෙතින් අග්‍රාමාත්‍යවරයා ගේ ළඟම හිතවතෙකු ලෙස පෙනී සිටින අයෙකු එක්, ඩොලරයක් වෙනුවෙන් රුපියල් 15 ක සන්තෝසමක් ඉල්ලා ඇති බවය.

එකී ඉල්ලීම හේතුවෙන් එම පාර්ශ්වය ව්‍යාපෘතියෙන් ඉවත්ව යාමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි .

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ , බලය ගැනීම වෙනුවෙන් අති දක්ශයෙක් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , ලද බලය පවත්වා ගැනීමට දක්ශතාවක් නොමැති බව ඉතිහාසය තුළ ඔප්පු කර ඇති බවයි.

එබැවින් මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයා පෙර වැරදි සිදුවීමට ඉඩනොදී ක්‍රියාත්මක වීමට කටයුතු කළ යුතු බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න