මොරටුමුල්ල, පුවක්අරඹ මංසන්ධියේ පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින්, වසර කිහිපයක් තිස්සේ 16 හැවිරිදි බාලවයස්කාර දැරියක බියගන්වා අපයෝජනය කළ බව කියන ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයකු මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
යෙහෙළියට පැවසීමෙන් රහස එළියට
07 ශ්‍රේණියේ සිට ම මෙම උපකාරක පන්තියට පැමිණි අදාළ දැරියව සැකකාර ගුරුවරයා දිගින් දිගටම අපයෝජනයට ලක් කර ඇති අතර, ඒ පිළිබඳව දෙමාපියන්ට පැවසුවහොත් අනර්ථයක් සිදුකරන බවට තර්ජනය කර ඇත. බිය නිසා මෙතෙක් කල් මේ පිළිබඳව රහසක්ව තබාගෙන සිටි දැරිය මීට සති දෙකකට පෙර තම යෙහෙළියකට පැවසීමෙන් අනතුරුව, එම යෙහෙළියගේ මවගේ මැදිහත්වීමෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකාර ගුරුවරයාව රක්ෂිත බන්ධනාගාරයට
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) අදාළ උපකාරක පන්ති ආයතනය වෙත ගොස් විමර්ශන සිදු කර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය පානදුර රෝහලට ඇතුළත් කර ඇත. අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර ගුරුවරයාව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, මොහු විසින් මීට පෙරද වෙනත් සිසුවියන් මෙලෙස අපයෝජනයට ලක් කර ඇත්ද යන්න පිළිබඳව ගල්කිස්ස සහ මොරටුව සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
මූලාශ්‍ර - DreamPix Studio
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
